• Rs.

'කර්මාන්ත 2022 : ජාතික කර්මාන්ත ප්‍රදර්ශනය

කර්මාන්ත අමාත්‍යාංශයේ මගපෙන්වීම යටතේ ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය සංවිධානය කරනු ලබන 'කර්මාන්ත 2022 : ජාතික කර්මාන්ත ප්‍රදර්ශනයට' මෙරට ප්‍රමුඛතම කර්මාන්ත ක්ෂේත්‍ර 20ක් නියෝජනය කරමින්, ඉදිරිපෙළ කර්මාන්තකරුවෝ ප්‍රදර්ශන කුටි 300ක් ඉදිරිපත් කිරීමට සූදානමින් සිටිති.

මෙම 'කර්මාන්ත 2022 : ජාතික කර්මාන්ත ප්‍රදර්ශනය' 2022 පෙබරවාරි 03 වැනිදා(හෙට) උදේ 9:30ට කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ඇරයුමින් ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ සුරතින් විවෘත කෙරේ.