• Rs.

නීතියෙ හිල් වලින් රින්ගන බහුජතික සමාගම් ?


පසුගිය මාසයේ රජය විසින් කුඩා ප්‍රමාණයේ ග්‍රෑම් 20 ට අඩු  පැකට් නිෂ්පාදනය තහනම් කරනු ලැබීය මෙහි අරමුණ වනුයේ ම කුඩා ප්‍රමාණය පැකට් දැඩිව පරිසර හානියට දායක වන නිසාය.

කෙසේවෙතත් එක්තරා බහුජාතික සමාගමක් ග්‍රෑම්  24ක කුඩා පැකැට්ටුවක් සාදා එය කාණ්ඩ හතරකට වෙන් කර වෙළඳපොළට නිකුත් කර තිබේ මේ ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍ය තුල සංසරණය වෙමින් පවතිනවා. මෙම සිද්ධිය සත්‍යක් නම් මෙයින් පැහැදිලි වන්නේ මෙම සමාගම් පරිසර හානිය පිළිබඳව කිසිදු තැකීමක් නොකරන බවය

රටක පවතින නීති පද්ධතිය විහිළුවකට ගනිමින් එම නීති පනවන්නේ රජයන් විසින් කුමන අරමුණක් මුදුන්පත් කරගැනීමට ද යන්න තේරුම් නොගන්නා මෙවැනි සමාගම් ජනතාව විසින් ප්‍රතික්ෂේප කළ යුතු බව සමාජ මාධ්‍ය භාවිතා කරන බොහෝ දෙනාගේ මතයයි.